Tuesday, March 12, 2019

ස්ත‍්‍රි‍්‍රයක් ද? පුරුෂයෙක් ද?

ස්ත‍්‍රි‍්‍රක් ? පුරුයෙක් ?


ලෝකයේ සෑම මිනිස් කොට්ඨාසයක්ම සමානත්වයෙන් යුක්ත වූවෝ වෙති. ලෝකයෙහි ජීවය ලබන මිනිසුන් ජීව විද්‍යාත්මක පදනමක් මත පිහිටා වර්ග කර ඇත. එහි ප‍්‍රධාන වශයෙන් ස්ත‍්‍රි පුරුෂ ලෙස දෙවර්ගයක් හදුනාගත හැකිය. මෙම ස්ත‍්‍රි පුරුෂ සමාජභාවය සමාජමය වශයෙන් බෙදෙන කාර්ය කොටස් ලෙසින් ජීව විද්‍යාත්මක තත්වය මත එකිනෙකට වෙනස් තත්වයන් හා කාර්ය කොටස් ලැබේ. සංස්කෘතිකමය වශයෙන් ස්ත‍්‍රි පුරුෂ අසමානතාව පවතී. විශේෂයෙන්ම ආසියානු කලාපය පිතෘ මුලික සමාජයකි. ගෘහස්ථ ජිවිතයේ දී ස්ත‍්‍රියට වෙන් වු කාර්ය කොටස් සහ පුරුෂයාට වෙන් වු කාර්ය කොටස් පවතී. ඒවා ස්ත‍්‍රියගේ හා පුරුෂයාගේ ස්වභාවය මත වෙන් කරගෙන ඇත. ස්ත‍්‍රියට ගෘහයේ කටයුතු සියල්ලත් පුරුෂයාට පවුලේ ආර්ථීක කටයුතුත් බාරව තිබේ. ඒ අනුව ස්ත‍්‍රිය හා පුරුෂයා හදුනා ගැනීම සදහා ආකෘති ගොඩනංවා ඇත.  මෙකී ආකෘති ගත හැසිරීම් මත ඇය ස්ත‍්‍රියක් ද ඔහු පුරුෂයෙක් ද යන වග හදුනා ගනී. කුඩා කළ පටන් ම ගැහැණු දරුවෙක්ට නම් රෝස පැහැයෙන් ඇදුම් පැළදුම් බෝනික්කෝ  සෙල්ලම් බත් උයන්න ආදියට පොළඹවයි. ඒ ඇය කුඩා අවධියේ පටන් ම ස්ත‍්‍රියගේ චරිතයේ ලක්ෂණ සහිතව ගොඩනංවයි. සෑම අවස්ථාවක දීම ඇය සියුමැලි ලාමක ගති සහිතව ඇති දැඩි කරන අතර පිරිමි දරුවෙක් නම් නිල් පැහැයෙන් ඇදුම් පැළදුම් ද තුවක්කු කාර් ආදි සෙල්ලම් බඩු ද හැඩි දැඩි ගතියෙන් ද ශක්තිමත්ව ගොඩනංවයි. කොයිම මොහොතකවත් පිරිමින් අඩන්නේ නැති වර්ගයක් වශයෙන් නිර්මාණය කරගෙන ඇත. ස්ත‍්‍රියක් කොණ්ඩය වවා කරාබු දමා තිබිය යුතු ය. කොණ්ඩය කොටට කැපු විට ඇය කොල්ලෙක් වගේ යැයි වපරෙසින් බලනු නියත ය. යෝනියක් හෝ පුරුෂ ලිගුවක් තිබූ පමණින් ඔවුහු මෙම ගුණ වලින් යුක්ත විය යුතු යැයි සදහන් නොකරන අතර ඒවා ආරෝපණය වන්නේ සමාජයෙනි. ශාරීරික වෙනස්කම මත ගතිගුණයන් ආරෝපණය නොවිය යුත්තකි. එවැනි තත්වයක් මත ස්ත‍්‍රිය හැම මොහොතක දී ම පුරුෂයාගේ අණසක යටතේ කටයුතු කිරිමට සිදුවේ. කුඩා කළ පියාගේ යටතේ දීත් විවාහයෙන් පසු ස්වාමියා යටතේ දීත් ජීවත් වීමට සිදුවේ. අතීතයේ දී ඒ තත්වය පැවතිය ද වර්තමාන නවීකරණය වූ සමාජයෙහි ස්ත‍්‍රියත් පවුලක ආර්ථීක කටයුතු සදහා දායකත්වය ලබාදෙයි. නමුත් ලංකාවෙහි ගම්බද පළාත්වල ස්ත‍්‍රියගේ නිදහසට තවමත් බාධා පවතී. ඇයට රිසි වෘත්තියකට පිවිසීමට කලා කටයුතු වලට යොමු වීමට බාධා ඇති බව මාගේ මිතුරියන්ගේ අත්දැකීම් වලින් ම අවබෝධ කරගෙන තිබේ. ඇයට රිසි කටයුත්තක නිරත වීමට ස්ත‍්‍රියටත් නිදහසක් පැවතිය යුතු ය.පුරුෂයන්ට එවැනි නිදහසක් පවතින්නේ නම් ස්ත‍්‍රියට ද එලෙස පැවතිය යුතුම ය. ඇය පහත් හෝ මෝඩ හෝ නොවේ. ඇයත් පුරුෂයා හා සමය. ඔහු මෙන්ම ඇයත් ලේ මස් නහරින් සැදුම් ලත් ජීවයකි.




11 comments:

එක මවකගේ දරුවෝ

ආගමෙන් ජාතියෙන් කුලයෙන්   කුමකට අයත් වුවත්  සියලු දෙනාම මනුෂ්‍යයෝ ය .